Colombo Today Local News

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

විදුලි ජනනය සඳහා අද හෙටම ගල්අඟුරු ආනයනය නොකළ හොත් පැය 10 ක හෝ 12 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (22) පස්වරුවේ පැවසීය.

රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 250,000 ක සංචිතය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් ප්‍රමාණවත් බව කී රත්නායක මහතා නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 5000 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.

ගල්අඟුරු නොමැතිවුවහොත් මෙගාවොට් 900 ක විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන බවත් ගල්අඟුරුවලින් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 35 ක් පමණ ජනනය කරන බවත් රත්නායක මහතා කීය.

ගල්අඟුරු ටෙන්ඩරය අඩු ලන්සුව ඉදිරිපත් කළ ආයතනයට ප්‍රදානය කළත් ඒ පිළිබඳව වෙනත් ආයතනයක් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටීම නිසා ටෙන්ඩර ලැබූ සමාගම ගල්අඟුරු සැපයුම ප්‍රතික්ෂේප කිරීමෙන් තත්වය බරපතළ වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම තත්වයෙන් ගැලවීමට නම් සෑම දින පහකට වරක්ම ගල්අඟුරු නැවක් ගෙනඒමට ඩොලර් මිලියන 21 ක් බැගින් අවශ්‍ය බව කී රත්නායක මහතා සඳහන් කළේ පසුගිය වසරේ කළ ඇනවුම් 19 අත්පිට මුදලට මිලදී ගැනීම ගැටලුව එකම විසඳුම බවයි.

Related posts

දුප්පත් පවුලකට සජිත්ගෙන් රු.20000ක දීමනාවක්

Admin

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

අන්‍යාගමිකරණය නැවත්වීමට සෙන්තිල් තොන්ඩමන් සහ ඥානසාර හිමි අතර සාකච්ඡාවක්.

colombotoday

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

Admin

ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday