Colombo Today Local News

විදුලි බිල ගෙවන්න අමාරු පූජනීය ස්ථාන ලයිස්තුවක් හදයි

විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ඒ අනුව කළ හැකි දේ මොනවාදැයි සොයා බලන බවද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි බිලේ ප්‍රශ්නය ගැන විදුලිබල අමාත්‍යවරයා සමග කිහිප වරක්ම සාකච්ඡා පැවැත්වූ බව පැවසූ වික්‍රමනායක මහතා සහන ලබා දෙන වකවානු ගැන දැන්ම අදහසක් පළ කළ නොහැකි බවද සඳහන් කළේය.

කඨින පින්කම් වලට පෙර විදුලි බිලට විසඳුමක් ලබා දිය හැකි යැයි තමා ප්‍රකාශ නොකරන බවත් බොරු පොරොන්දු දීමට අකමැති හෙයින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු කිවේය.

ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් අමාත්‍යාංශයට යම් මැදිහත්වීමක් කළ හැකි දැයි රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා එම ප්‍රශ්නය මතු කරමින් විමසුවේය.

Related posts

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

colombotoday

පාර්ලිමේන්තු සේවකයන් සී.අයි.ඩී ගෙන්වා බිය කිරීමේ සූදානමක්

Admin

යහපාලන ඇමතිලාගේ හොර අල්ලන්න ඒකාබද්ධ විපක්ෂයෙන් TOP 10 මෙහෙයුමක් !

colombotoday

වරාය නගරයට රෝහලක්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

colombotoday