Colombo Today Local News

නිල නිවාසවල ජල බිල්පත් මාස 2කින් නොගෙව්වොත් සැපයුම් අත්හිටුවන් කතානායක දැනුම් දෙයි

නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජල සැපයුම් මාස දෙකක කාලයකින් පසුව අත්හිටුවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

එම මණ්ඩලයේ බලධාරීන් හා කතානායකවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසුව කතානායකවරයා එම බලධාරීන් වෙත මෙම දැනුම් දීම කර ඇත.

ජල බිල්පත් ගෙවා නොමැති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් තමන් වෙත යොමු කරන ලෙස කතානායකවරයා කළ ඉල්ලීමකට අනුව එම නාමලේඛනය ඊයේ (15)දින භාර දුන් බව ද එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පස්මනාත පවසයි.

පාර්ලිමේන්තු නිල නිවාසවල වෙසෙන මැති ඇමතිවරුන්ගේ හිඟ ජල බිල්පත් වෙනුවෙන් මණ්ඩලයට රුපියල් මිලියන තුනකට අධික මුදලක් අයකර ගැනීමට තිබෙන බව ද සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

74 මවගේ පුතු 47 පෙම්වතාට පෙම නවතන්නැයි කියා කෑ පිහි පහරින් මරුට

colombotoday

ෆොන්සේකාට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සමගින් පොලිසිය බාර අමාත්‍යංශය

colombotoday

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

රනිල්ට නොතීසි

colombotoday