Colombo Today Local News

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය.

මේ අතර ඊයේ දිනයේ නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටී.

කොළඹ බේරේ වැව අසල වර්ග මීටර් 30,600 කින් යුක්ත වපසරියක ඉදිකළ නෙළුම් කුලුන ගොඩනැගිල්ල ඊයේ සිට මහජනතාවට විවෘත කෙරුණි.

ඒ අනුව සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11 දක්වාත්, සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වාත් නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

Related posts

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

ඔය තරම් දගලන්න ඕනද.. අරක්කු සිගරැට් නැතිකරන ලේසිම විදිහ මෙන්න – සිසුවෙක් ජනතිගේ මූණටම කියාදෙයි

colombotoday

එජාපෙ ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති දන්වයි

colombotoday

අරුන්දික ප්‍රනාන්දු ජනපති හමුවී සමාව ගනී.. නැවතත් නියෝජ්‍ය ඇමති ධුරයක් !!

colombotoday

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday