Colombo Today Local News

හිටපු ජනාධිපති මෛත්‍රීපාලට නොතීසි

ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16)දින නොතීසි නිකුත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කල පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

Related posts

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

පැය අටේ වැඩමුරය ජයගත් 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

Admin

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

colombotoday

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday

ඉන්ධන අර්බුදයත් සමග අපේක්ෂා රෝහලේ කටයුතු අඩාල වීමේ අවදානමක්…

colombotoday

ගෝන මස් කිලෝ 19ක් සමඟ හමුදා සෙබළකු අල්ලයි

Admin