Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළි කරගත් තවත් අයිස් කිලෝ 2ක් වත්තලදී අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 433 සමග වත්තල හුණුපිටියේ දී ඊයේ (15)දින සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, 28 හැවිරිදි ආදාළ සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමට නියමිත බවයි.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය 12 වෙනිදා සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී අයිස් කිලෝ ග්‍රෑම් 110ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගත් තොරතුරුවලට අනුවයි.

මේ අතර අයිස් කිලෝ 110 සමග අදාළ සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ, පසුගිය 11 වනදා ජා-ඇල නිවන්දමදී අයිස් මත්‍ද්‍රව්‍ය කිලෝ 15ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මතයි.

එහිදී සැකකරුවන් 4ක් සහ සැකකාරියන් 2 දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණ.

මේ අතර එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය 10 වනදා වත්තලදී අයිස් මත්ද්‍රව්‍ය 113 g ක් සහ හෙරොයින් 101 g සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වීම විශේෂත්වයකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සමස්ත ක්‍රියාවලියේදී මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනකු අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිය භාරයට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගණන 128කට ආසන්න වේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වේ නම්, 1997 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දී සිටී.

Related posts

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday

පොලීසියට නව ත්‍රීරෝද රථ 2,000ක්

colombotoday

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday