Colombo Today Local News

වත්තල ගිනි තබා කාන්තාවක් ඝාතනය කල සිද්ධියේ හෙළිවූ සුළමුල

වත්තල ප්‍රදේශයේ නිවසක ඇති වූ පවුල් ආරවුලක් අතරතුර සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.

නිවසේ පදිංචිකරු, බිරිඳ, පුංචි අම්මා සහ බිරිඳගේ මව ඥාති සොහොයුරෙකු සමග පදිංචිව සිටින අතර බිරිඳගේ පියා නිවසට පැමිණ බිරිඳගේ මව සමග ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් ගැටුමක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

එම ගැටුම අතරතුර දී පහර කෑමට ලක් වූ නිවසේ පදිංචිකරු පොලිස් ස්ථානයට පැමිණ බිරිඳගේ පියා, ඇයගේ මව ඝාතනය කිරීම සඳහා උත්සහ දරන බවට පැමිණිලි කිරීම මත ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් ඇත.

එම අවස්ථාවේදී නිවසේ ගින්නක් හටගෙන තිබී ඇති අතර පොලිසිය අසල්වැසියන් සමග ගින්න මැඩ පවත්වා නිවස පරීක්ෂා කිරීමේදී ගින්නට හසුවූ කාන්තාවක පිලිස්සුම් තුවාල සහිතව මිය‍ ගොස් සිටියදී හමුවූ බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ, මරණකාරිය වයස අවුරුදු 57ක් වන කිරුළපන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය පැමිණිලිකරුගේ පුංචි අම්මා බව ය.

ඇයගේ මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා රාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

රාගම රෝහලට ඇතුළත් කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ ම ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

පැන්ඩෝරා විමර්ශනයේ අතුරු වාර්තාව ජනපතිට

colombotoday

“මේක අපේ පක්ෂයේ ගැටළුවක්.. පැත්තකට වෙලා ඉන්න” – හරීන් මහා සංඝරත්නයට කියයි

colombotoday

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday