Colombo Today Local News

පළාත් සභා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ඔක්තොම්බර් මස 30 වන දිනෙන් පසු නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල කාලසීමාව පසුගිය මාර්තු මාසයෙන් අවසන් වු අතර එහි කාලසීමාව මේ වන විට වසරකින් දීර්ඝ කර තිබේ.

ලබන වසරේ මාර්තු මාසයට පෙර පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා එහි සාමාජිකයින්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු අතර දීර්ඝ කල කාලසීමාව සම්පුර්ණ වීමට ප්‍රථම මාස තුනකට පෙර මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කෙසේවෙතත් ඔක්තොම්බර් මස 30 වන දින මෙවර ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් තැබීමට මැතිවරණ කොමිසම මේ වන විට සැලසුම් කර තිබේ.

ඒ අනුව එම නාමලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

Related posts

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු තානාපති සේවයට – ගයන්ත කරුණාතිලක

colombotoday

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday