Colombo Today Local News

ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිස අද(12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar) යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය.

Related posts

කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ – ඇමති කංචන කියයි

Admin

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

colombotoday

මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවෙයි

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday