Colombo Today Local News

පැකට් කළ ආහාරවලට පාලන මිලක් එයි

packte232

ඇසුරුම් කර අලෙවි කරන ආහාර ද්‍රව්‍යයන් කිහිපයක් සදහා බලපැවැත්වෙන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

පැකට් නොකර අලෙවි කිරීමේදී උපරිම සිල්ලර මිලක් නියම කෙරුණු ආහාර ද්‍රව්‍ය 5කට මෙම නව උපරිම සිල්ලර මිල අදාල වන බව මේ සදහා නිකුත් වූ ගැසට් නිවේදනයේ සදහන් වනවා.

ඒ අනුව පරිප්පු සඳහා පැකට් නොකර අලෙවි කිරීමේදී උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකකට රුපියල් 169ක් වන අතර පැකට් කර අලෙවි කිරීමේදී එහි උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකක් රුපියල් 174ක් වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

පැකට් නොකළ වියළි හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 410ක්. පැකට් කර අලෙවි කිරීමේදී එහි උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 415ක් වනවා.

පැකට් නොකළ කට්ටා කරවල අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 1100 යි. පැකට් කළ කට්ටා කරවල සඳහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 1115ක් වනවා.

Related posts

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !

colombotoday

“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

colombotoday

ගෝඨාභය රාජපක්ෂ රජය නිසා ආර්ථිකය කඩා වැටිලා- රනිල්

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

ඡන්ද කටේ පොත් බෙදන්න ගිය නියෝජ්‍ය ඇමතිට වැඩ වරදී

colombotoday