Colombo Today Local NewsUncategorized

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

බුදු දහමට අපහාස කර වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැරීම. එම් වීඩියෝ පටය රට පුරා බෙදා හරිමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කිරීමට මග පැදීම යන කරුණු මත තව්හීද් ජමාත් සංවිධානයට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ 10 නැවත වරක් අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

එහිදී චූදිත තව්හිද් ජමාත් සංවිධානය සමාව ගෙන නඩුව සමථයකට පත් කරගැනීමට එකග වූවත් පැමිණිළිකාර පාර්ශවය විසින් එම ඉල්ලීම ඉවත දමනු ලැබුවා. පැමිණිළිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන රන්මුතුගේ මහතා උසාවියට කරුණු දක්වමින් පැවසූවේ තව්හීද් ජමාත් සංවිධානය තව දුරටත් ඔවුන්ගේ අන්තවාදී ප්‍රචාරක කටයුතු කරගෙන යමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂිද පැමිණිළිකාර පාර්ශව විසින් උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා.

(හඩ පටය පහතින්)

ඒ අනුව පරීක්ෂණ කටයුතු සදහා කොළඹ විශ්වවිද්‍යාලයට සහ මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කර ඇති බුද්ධාගමට අපහාස වන අදාල වීඩියෝ පටයේ වාර්තාවත්, එම වීඩියෝවෙන් බුදු දහමට අපහාසයක් වී ඇතිද යන්න පිළිබදව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ වාර්තාවත් සමග 2016.2.11 වන දින නඩුව නැවත කැදවීම මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

පැමිණිළිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ දර්ශන රන්මුතුගේ මහතා පෙනී සිටි අතර, විත්තිකාර තව්හීද් ජමාත් සංවිධානය වෙනුවෙන් පෙනී සිටියේ එජාප හිටපු ‍පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාය.

Related posts

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

Admin

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

තව්හිද් රාසික්ගේ නීතීඥයා මෛත්‍රී ගුණරත්න, භික්ෂූන් වහන්සේට කී කතාව බුකියේ පත්තු වෙයි

colombotoday