extremism & terrorism activitiesWorld

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

ඉස්ලාමය රාජ්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත් කර ජනාධිපති ඕමාර් අල් බෂීර් යටතේ වසර 30 ක දැඩි ෂරියා නීති ක්‍රියාත්මක වූ සුඩානය ෂරියා නීතිය අත්හැරීමට ගිවිසුමකට එළෙඹ තිබෙනවා.

දකුණු සුඩානයේ ජුබා හි සුඩාන් විප්ලවවාදී පෙරමුණේ කැරලිකාර කණ්ඩායම් සමඟ මෙම ගිවිසුම ඉතියෝපියාවේ අඩිස් අබාබාහි දී අත්සන් කර ඇත.

ජුබා ගිවිසුම මගින් ආගමික නිදහස සඳහා ජාතික කොමිසමක් පිහිටුවන ලද අතර එය සුඩානයේ දකුණු කලාපයේ ක්‍රිස්තියානි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම මූලික කරගෙන ඇත.

මිලියන 45 ක සුඩානයේ ජනගහනය දළ වශයෙන් 91% ක් මුස්ලිම් සහ 6% ක් කිතුනුවන් ය. කිතුනුවකු වීම දුෂ්කර වන රටවල් 50 අතර සුඩානය 7 වන ස්ථානයේ පසුවෙයි.

Related posts

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්

Admin

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

colombotoday