Colombo Today Local News

” පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙනන් ” – සමගි ජන බලවේගයෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

කථානායකවරයා, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පක්ෂපාතීව කටයුතු කරන බව හැඟී යන බව ද එම ලිපියේ සඳහන් ව තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ක්‍රියාකලාපය හමුවේ දැඩි මානසික ආතතියකට හා පීඩනයකට ලක්වු අවස්ථාවන් ගණනාවක් ඇති බව ද එම ලිපියේ සඳහන්ව ඇත.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා උසාවියෙන් වැරදිකරු වී ඔහුට අභියාචනාධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් පාර්ලිමේන්තු ඒමට වරම් ලබාදුන් නමුත් කථානායකවරයා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එම අවස්ථාව ලබානොදීම තවත් නිදහසුනක් බව ද එම ලිපියේ දැක්වේ.

කථානායකවරයා පක්ෂයතින් තේරී පත්වුවද එම තනතුරේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා නිර්පාක්ෂිකව දේශපාලන අවශ්‍යතා හා වුවමනා ඉෂ්ඨ කරන සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේ ම ප්‍රධානියා මෙන්ම රටේ තුන්වන පුරවැසියා බව තරයේ විශ්වාස කරන බව ද ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එබැවින් අපක්ෂපාතීව කටයුතු කරමින් විශිෂ්ඨ සේවාවක් ඉටුකරනු ඇතැයි පක්ෂයේ බලාපොරොත්තුව බව ද සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් ය.

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

පුද්ගලික පාසල් 400කට කැබිනට් අනුමැතිය… අධ්‍යාපනය පෞද්ගලීකරණය තවත් පියවරකින් ඉදිරියට…

colombotoday

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday