Colombo Today Local News

ලංකා විදුලි බල මණ්ඩලයේ EPF කෝටි තුන්සීයක් අතුරුදන්

ලංකා විදුලිබල මණ්ඩලය භාණ්ඩාගාර බැදුම්කරවල ආයෝජනය කළ රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් අතුරුදන් වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල පවසනවා. මේ සම්බන්ධයෙන් පරීක්ණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වනවා.

ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

2009 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල් වශයෙන් රැස්ව තිබූ මුදලින්, පුද්ගලික සමාගමක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබූ රුපියල් 2,959,267,568 ක් වූ මුදල මහ බැංකුවේ ගිණුම් ප‍්‍රකාශ අනුව 2014.12.31 දිනට එහි නොපවතින බවට කරුණු හෙලිවී ඇති බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

(එම නිවේදනය පහතින් දැක්වේ)

Related posts

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු කොමිසමට

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

colombotoday

විෂ පොල්තෙල්වලට එරෙහිව කාවින්දගෙන් පැමිණිල්ලක්

colombotoday