Colombo Today Local News

මේ උද්ඝෝෂණ රජයට වාසි ලබා දෙන පා ගමනක් මිසක් අපේ ජනතාව වෙනුවෙන් දියත් කරන සටනක් නොවේ

දෙමළ පක්ෂ එක් වී පොතුවිල් සිට පුලිගන්ඩි දක්වා පැවැත්වූ ගමන රජයට වාසි ලබා දෙන පා ගමනක් බවත්, එමගින් දෙමළ ජනයාට කිසිම වාසියක් නොලැබෙන බවත්, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පැවසුවේය.

යාපනයේ දිස්ත්‍රික්කයේ ධීවර ජල බෝග සම්බන්ධව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු සහ බුරවි සුළි කුණාටුවෙන් ධීවර ජනතාවට ඇති වූ හානි පිළිබඳව සොයා බැලීමේ සාකච්ඡාවක් ඊයේ දින (08)දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් යාපනය ලේකම් කාර්යාලයේදි පැවතුණි. මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ ඇමැතිවරයා පොතුවිල් සිට පුලිගන්ඩි දක්වා පාගමන ආත්මාර්ථකාමී අරමුණක් උදෙසා බවත් මෙමගින් කිසිම දෙයක් සිදුනොවන බවත් පැවසූහ.

මෙම පිරිස රජයට එරෙහිව උද්ඝෝෂණ කළ හැකි බව පෙන්වීමට උත්සාහ කරන අතර එම උද්ඝෝෂණ මගින් ජනතාවගේ ඡන්ද කොල්ලකන නමුත් මේ අයගෙන් අපගේ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේ උද්ඝෝෂණ මගින් අප රජයට යහපතක් ඇති වීම මිසක් අපේ ජනතාව වෙනුවෙන් දියත් කරන සටනක් නොවේ යැයි ඇමැතිවරයා කියයි.

Related posts

උද්ඝෝෂණ, විරෝධතා මඩින්න සුනඛයන් කැදවයි !!

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday

ව්‍යවස්ථාදායකයක් නැතිව කොවිඩ් අර්බුධයට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday