Colombo Today Local News

පලාගල පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කරලා..

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහඋරැලෑව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක ස්මාරක කිහිපයක් ඩෝසර් කිරීමට කටයුතු කළ පිරිසක් සොයා ගල්කිරියාගම පොලිසිය විමර්ශණ අරඹා තිබේ.

පුරාවිද්‍යා කලාපය භාර නිලධාරීන් විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.

මහඋරුලෑව ප්‍රදේශයේ අක්කරයක පමණ භූමියක් සැකකරුවන් විසින් මෙලෙස ඩෝසර් කර හෙළි කර තිබේ. වගා කටයුතු සඳහා බව පවසමින් එම භූමිය ඩෝසර් කර ඇති බව දැනට සිදුකළ මූලික පොලිස් විමර්ශණවලින් හෙළිව තිබේ. එම භූමියේ තිබූ ඉපැරණී ගල්කණූ ඇතුලු පැරණී ස්මාරක රැසක් ඩෝසර් කර දමා සැකකරුවන් ඒවාට හානි සිදුකර තිබේ. එම ඩෝසර් කළ භූමිය අවටද ඉපැරණි චෛත්‍ය ඇතුලු පුරාවස්තු රැසක් දැකගන්නට ලැබේ.

විනාශ කර ඇති පුරාවිද්‍යා නටබුන් සහිත එම ඩෝසර් කළ භූමියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 1993 දී වාර්ෂික බලපත්‍රයක් ද නිකුත් කර ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ. ආඬියාගල මාරසිංහ හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ නමින් එම බලපත්‍රය නිකුත් කර ඇත.

ඩොසර් කිරීම සිදුකර ඇති ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් බවටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තිබේ. පුරාවිද්‍යා පනත අනුව පැරණි ස්මාරයක සිට මීටර් 400ක ප්‍රේරක කලාපයක් පවතින බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

මෙම කලාපය භාර පුරාවිද්‍යා නිලධාරියා විසින් එම පුරාවස්තු හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

යහපාලන නියමුවන්ට ලඟ ලඟ මරු එන්නේ ඇයි? හේතුව ජෝතිෂ්‍ය ඇසින් විජිත රෝහණ කියයි

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday

ප්‍රභාකරන් යළි එනතුරු ද්‍රවිඩ සන්ධාන ඇමති බලා සිටී

colombotoday