Colombo Today Local News

“අර්ජුන් ගැන කතා අතාරින්න.. නාමල් ඇතුලට නොදා ඉන්නම්“ රනිල්ගෙන් මහින්දට ඩීල් එකක් !

23569-5323tggහිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව සිදුකරන FCID සහ CID විමර්ශන නවතා දැමීම සදහා මහබැංකුවේ සිදුවී තිබෙන වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහබැංකු අධිපතිට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සිදු කරන ක්‍රියාකාරකම් නවතා දමන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ සදහා හිටපු ජනාධිපතිවරයා එකග වූ බවයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මේ අතර පෙරේදා හිටපු මහ බැංකු අධිපතිට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමත් සමගම හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මන්ත්‍රීවරු නිශ්ශබ්ධ කර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කර ඇති අතර හදිස්සියේ පාර්ලිමේන්තුව තුලට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගත් බවයි එම වාර්තා සදහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් ඊයේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කර සිටියේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයාට නඩු පැවරිය යුතු බවයි.

 

Related posts

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

රාජ්‍ය ආයතන 30ක් අනතුරේ.. IMF උපදෙස් මත ප්‍රාග්ධන වියදම් කපා හැරීමට යයි

colombotoday

කාදිනල් තුමන් මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

colombotoday

සුපිරි ක්‍රිකට් තරුව පොහොට්ටුවෙන් දේශපාලනයට

colombotoday

එංගලන්තෙන් ගෙනා කුණු කන්ටේනර් තොගය ආපසු යැවීමට නියෝග…

colombotoday

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday