ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රඥාවන්ත නායකයෙක් බව දිවයිනේ නිල සංචාරයක නිරතව සිටින කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ දිනයේදී ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීයි.
ජනාධිපතිවරයාගේ ප්‍රඥාවන්ත පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ සාමය, සංහිදියාව ඉහළ තැනකට ගෙන එමින් අධිකරණ පද්ධතිය ශක්තිමක් කරමින් ප්රජාතන්ත්රවාදය සවිමත් කිරීමට පියවර රැසක් ගෙන ඇති බවත්, ඉදිරි පියවර සදහා කැනඩාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් කැනඩා විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.