World

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 77කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.

ප්‍රංශයේ සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස සැලකෙන බැස්ටයිල් සැමරුම නැරඹීමට පැමිණි ජනතාව ගිණිකෙළි සංදර්ශනය නරඹමින් එහාමෙහා ගමන් කරමින් සිටියදී, මෙම ට්‍රක් රථයේ රියදුරා එහි වේගය වැඩි කරමින් වීදියේ සිටි විශාල ජනකාය මතින් ඉතා අමානුෂික ලෙස එය ධාවනය කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

එරට වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇති මෙම ක්‍රෑර මනුෂ්‍ය සංහාරයේදී තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.

සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව, වීදියේ සිටි ජනතාව ට්‍රක් රථයේ වැදී වීසිවී ගිය බවත්, ජනතාවගේ මහා විලාපය මැද මෙම ට්‍රක්රථ රියදුරා සැතපුමක් පමණ දුරක් ජනතාව මතින් ට්‍රක් රථය ධාවනය කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

ඔහු පසුව ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරමින් ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් කෑ මොර දී ඇත්තේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට පෙරය.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබුණද, IS ඉස්ලාම් රාජ්‍ය මෙය සමරණ බවට තොරතුරු පවතින බවත්, මීට පෙර ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම, ආසන්න කාලයේදී ලොව පුරා එල්ල වූ මහා මනුෂ්‍ය සංහාරයන් මෙන්ම, මෙම ප්‍රහාරයේ ස්වභාවය සලකා බැලීමේදී, මෙයද ඒ ම්ලේ්ච්ඡ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් විය හැකි බව විදෙස් වර්තා වැඩිදුරටත් පවසයි.

Related posts

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin

ජෝ බයිඩන් ඊශ්‍රායලයට යයි

Admin

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ බලතල පළමුවරට කාන්තාවකට

colombotoday

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin

ඊශ්‍රායල හමුදාව ගාසා වට කර හමාස් සටන්කාමීන් සොයා නගර පීරයි

Admin

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday