Colombo Today Local News

වගකීමක් නැති, ඔළුවක් නැති ජනපතිගේ නමත් අපට ලැජ්ජාවක්.. ගලවලා විසිකරල දැම්මා – අම්පිටියේ නාහිමි

sumanarathana nahimi

ත්‍රස්තවාදී සමයේ ගිනි තබා විනාශකර දැමූ මඩකලපුව මංගලාරාමයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම සදහා රටේ නායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළත් එදින වැස්ස පැවතීම නිසා තමන්ට පැමිණීමට නොහැකියැයි ඔහු පැවසූ බව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි.

එම විහාරස්ථානයේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ පැවසූ අතර ගොවියෙකුගේ පුතෙක්, ග්‍රාමසේවකවරයෙක් ලෙස වැස්සකටවත් තෙමෙන්නට ඔහුට බැරිවීම ගැන තමන්වහන්සේ කණගාටුවන බවද එහිදී පැවසීය.

ජනාධිපතිවරයා ඉන්පසු අවස්ථා කිහිපයකදී මඩකලපුවට පැමිණ පල්ලිවල සහ කෝවිල්වලට ගියද කිසිදු අවස්ථාවක මේ වන විටත් තර්ජණයට ලක්ව තිබෙන මඩකලපුවේ එකම විහාරස්ථානය වූ මංගලාරාමයට නොපැමිණි බවද උන්වහන්සේ කියා සිටියා. ත්‍රස්තවාදීන්ගේ මෙන්ම අත්තනෝමතික නිලධාරීන්ගෙන්ද බැටකමින් තමන් වහන්සේ මහත් පරිශ්‍රමයෙන් රැකගෙන ආ විහාරස්ථනයට නිකමටවත් ගොඩ වීමට කටයුතු නොකළ ජනපතිවරයාගේ නම ඇතුළත් සමරු පඵලක තව දුරටත් තබාගෙන සිටීමෙන් වැඩක් නොවන නිසා එය කඩා දැමූ බවද උන්වහන්සේ පවසා සිටියා.

සුමනරතන හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් මෙසේයි

Related posts

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන රාජිත කණගාටුවෙන් !!

colombotoday

පළාත් සභාවලට උපරිම බලය බෙදන්න රාජිත බරටම වැඩ

colombotoday

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

සුදුවැල්ලේ සුනඛයෙක්ටත් කොරෝනා

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday