Colombo Today Local News

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3කට අධිචෝදනා – විදෙස් ගමන් තහනම්

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3කට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණය නඩුව අවසන් වන තෙක් ඔවුන්ට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරයි.

2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණ නඩු විභාගය අවසන් වන තෙක් විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේ ය.

අනතුරුව විත්තිකරුවන් රුපියල් පනස් දහස බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කර සිටියේ ය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකීර් යන විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝගයක් නිකුත් කළේ ය.

තවද ඇප කොන්දේසි පනවමින් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9-ත් 12ත් අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයට වාර්තා කරන ලෙසට ද අධිකරණය විත්තකරුවන්ට දන්වා සිටියේ ය.

Related posts

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday

ජවිපෙ 20 ගේන්නේ බෙදුම්වාදී වස කුප්පිය ජනතාවට පොවන්නයි

colombotoday

වියතුන් 100ක් පාර්ලිමේන්තුවට යවන්න ජනපති සූදානම් !

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday