ලොව පුරාම එල්ල වී ඇති ත්රස්ත තර්ජන හමුවේ බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ද ආරක්ෂාව තර කිරීමට රජය තීරණය කර ඇත.
ශ්රී ලන්කන් හා මිහින් එයාර් ගුවන් යානාවලත් ආරක්ෂක පියවර ගැන වඩා සැලකිලිමත් වන ලෙස ද සිවිල් ගුවන් සේවා අධිකාරිය උපදෙස් ලබා දී ඇත.
නව ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ මගීන් පරීක්ෂා කිරීම වඩා විධිමත් කෙරෙනු ඇත.
ලොව පුරා උද්ගතව ඇති ත්රස්ත තර්ජන හමුවේ මෙරට ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්. එම්. සී. නිමලසිරි මහතා ප්රකාශ කර ඇත.
-චතුර පමුණුව