Colombo Today Local News

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 31 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (08)දින නියෝග කර තිබේ.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් පමණ වටිනා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ කෘෂිකර්ම අමාත්‍යවරයාට මේ මස 26 වනදා සිට 28 වන දා දක්වා කාල සීමාව තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවට සහභාගිවීමට ආරාධනා ලැබී ඇති බවයි.

ඊට සහභාගි වීමට අවශ්‍ය වී ඇති බැවින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනට අධිකරණය මඟින් පනවා ඇති විදේශ ගමන් තහනම් නියෝගය තාවකාලිකව ඉවත් කරන ලෙසට ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related posts

අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයි

Admin

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin