Colombo Today Local News

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ට පැනවු සංචාරක සීමාවේ වෙනසක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා පැනවු සංචාරක සීමාවන් වෙනස් කර තිබේ.

ඒ අනුව පසුගිය මැයි මස 24 වන දින ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාව 2021 ජූලි මස 6 වන දින 3 වන මට්ටම ලෙස නම් කර ඇත.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සංශෝධනය සිදුකර තිබේ.

කොවිඩ් – 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපද සංචාරක සීමා නිකුත් කර ඇති අතර එහිදී ත්‍රස්තවාදී තර්ජන සබැඳිව එයට ඇතුළත් වීම එම වර්ග කිරීමට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද, කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඊයේ (07) දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබු සංචාරක සීමාවන්, 4 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කිරීම සිදුකර ඇත්තේ හුදෙක් රටේ පවතින කොවිඩ් – 19 තත්ත්වය නිසා බවත්, ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එහි සඳහන් ව නොවන බවත්ය.

එපමණක් නොව, බුද්ධි තොරතුරු විශ්ලේෂණයට අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ එවැනි තර්ජන පිළිබඳව තොරතුරු මේ වනතෙක් වාර්තා වී නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සඳහන් කළේය.

Related posts

මට ආචාර්ය පට්ටමක් දුන් කෙනා සොයනු

Admin

ගංජා ද්‍රාවණයක් ලෙස සැකසූ ‘හෑෂ් ඔයිල්’ මිලියන 2ක ගංජා බෝතල් 6 ක් සොයා ගනී.

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

වලපනේ තවත් භූ කම්පනයක්

colombotoday

කඩුවෙලදී තියුණු ආයුධයකින් පහරදී, ගෙලට වෙඩි වැදුනු පුද්ගලයකු හමුවෙයි

Admin