වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට 2021 සැප්තැම්බර් මස 14 හා 15 යන දිනයන්හි දී වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 07ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පාර්සල් තුළ අයිස් මත් ද්‍රව්‍ය යැයි සැකකළ හැකි පැකට් 01ක්, ජංගම දුරකථන 02ක්, සිම්පත් 01ක්ස, මත්පෙති බවට සැකකළ හැකි පෙති 35ක්, ජංගම දුරකථන බැටරි 01ක් ඒතුළ තිබි ඇත.
අත්අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.