Colombo Today Local News

වෙළෙඳසැළක ගෝනියක් ඇතුළේ කාන්තා මළ සිරුරක්

වෙළෙඳසැළක ගෝනියක් තුළ තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර පොලීසියට ලැබී තිබූ අතර මෙම සිරුර එම ගෝනිය තුළ තිබෙන බවට සැකකරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන්වීමක් පිළිබඳව ඊයේ (05)දින සවස වාලච්චේන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඇය බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගිය බව එහිදී පැමිණිලිකරු පවසා තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතරතුර වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී ඇති අතර ඉන් සඳහන් වී ඇත්තේ වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරන වෙළෙඳසැළක සැකසහිත ගෝනි දෙකක් ඇති බවය.

ඒ අනුව පොලීසිය අදාළ වෙළෙඳසැළ වෙත ගොස් එම ගෝනි දෙක පරීක්ෂා කර ඇත.

එහිදී එක් ගෝනියක පොහොර තොගයක් ද අනෙක් ගෝනියේ මියගිය කාන්තා සිරුරක් ද සොයාගෙන තිබේ.

අතුරුදන් වූ බව කියන කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර එම ත්‍රීරෝද රථයේ රියදුරු විසින් මෙම ගෝනි දෙක අදාළ වෙළෙඳසැළ වෙත ගෙනැවිත් ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව ත්‍රීරෝද රථයේ රියදුරුව ද වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වී නැතියි ප්‍රචාරය වන ලිපිය බොරුවක්…. ලිපියේ දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක් !

colombotoday

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා – සමාජජාලයෙන් රතු එළියක් ! (Video)

colombotoday