Colombo Today Local News

බදියුදීන්ගෙ නිවසේදී ඉෂාලිනි පිළිස්සුනු දිනයේ CCTV කැමරා අක්‍රීය වෙලා

බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ ඇති සී.සී.ටී.වි කැමරා පද්ධිතිය පිළිබඳව පරීක්ෂාකළ පොලිස් සමීප රූප ආවේෂණ කොට්ඨාසය ඒ පිළිබඳව වූ වාර්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත භාර දී තිබේ.

පොලිසිය පැවසුවේ අදාළ දැරිය පිළිස්සුනු දිනයේදී මන්ත්‍රීවරයාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා කිහිපයක් අක්‍රීයව තිබී ඇති බවය.

එමෙන්ම දැරිය පිළිස්සෙමින් සිටි අවස්ථාවේදී ඇයට නිවසේ තිබූ පොකුණකට බසින ලෙසට නිවැසියන් උපදෙස් ලබාදී ඇතැයිද පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

මේ අතර විමර්ශන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද නියමිතය.

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ මාමණ්ඩිය වගකිව යුතුබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සිද්ධියේ විමර්ශන කටයුතු කරුණු තුනක් යටතේ පොලිසිය විසින් සිදුකරමින් සිටී.

Related posts

“ජනවාරි 8 සැමරුවේ සිංහල බෞද්ධයාගේ මළගමයි” – නිර්මාල් රංජිත් උදම් අනයි

colombotoday

රාජ්‍ය ආයතනවල රැස්වීම් මින්පසු හෝටල්වල බෑ…

colombotoday

“රාජ්‍ය ආයතන 6 ක්‌ කුණු කොල්ලයට විකිනීමට සුදානම්” – හිටපු ජනපති

colombotoday

“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’ – විදුලිබල මණ්ඩලයේ සභාපති

colombotoday

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවු මත් කුඩු ජාවාරමකට සම්බන්ද තිදෙනෙකු අත්අඩංගුවේ

colombotoday