Colombo Today Local News

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

සෞදි ආරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය අද (02) සෞදි අරාබි තානාපතිවරයාට ලිපියක් බාර දී ඇත.

තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු සමග අනියම් ඇසුරක් පැවැත්වූවාය යන චෝදනාව මත මරදාන ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව සෞදි අධිකරණය මගින් මෙලෙස ගල් ගසා මැරීමට තීන්දු කර ඇත.

“ගෝත්‍රික වැඩවසම් යුග පසුකර ප්‍රජාතන්ත්‍රවාදී අවධියකට ලෝකය පැමිණ ඇති බැවින් මිනිසාගේ ජීවත්වීමෙ අයිතිය තහවුරු කරන ලෙස සංඝ සම්මේලනය එම ලිපියෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් ඇයට නියම කෙරුණු දඬුවම ලිහිල් කර ගැනීම සඳහා විදේශ රැකියා අමාත්‍යංශය සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

එනමුත් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් පසුගිය දෙනෙක අරාබි පුවත් පතකට පවසා තිබුනේ මෙලෙස සෞදි අරාබි නීතියට අනුව එම කාන්තාව මරා දැමීම තමන් අනුමත කරන බවයි. සෞදියේ නීතියට අනුගත වීමට බැරිනම් එරටට නොපැමිණිය යුතු බවත්, එම නීති ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් විවේචනය කිරීම තමන් හෙළා දකින් බවත් ඔහු පවසා තිබිණි.

Related posts

ඉරාන ජාතිකයෙකු සතුව තිබී අත්අඩංගුවට ගත් ඩොලර් 53,450 නැවත දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් රේගුවට දැනුම් දෙයි

colombotoday

කොටි සොහොන් බිමක් හදන්න රජයේ මුදල් ලක්ෂ 40ක් වෙන් කෙරේ !

colombotoday

ආණ්ඩුවට එරෙහිනම්, ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණ කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටයි…

colombotoday

ලංකාවේ ඵලදායිතාවය නැංවීමට ඕස්ට්‍රේලියාවේ සහය

Admin

හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයකින් අරමුදල් සපයලා – CIDය අධිකරණයට දන්වයි

colombotoday

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

colombotoday