Covid 19

කොළඹ තවමත් අවදානම් | කොවිඩ් ආසාදිතයින් 23000 ඉක්මවයි.

අද (30)දින උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (29) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 496 දෙනා ද සමගය.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ ආසාදිතයින් 167ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වී ඇත.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 19,942ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13,594ක් පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් අකුරැස්ස, ගොතටුව, මරදාන, කොළඹ 02, හලාවත, කොළඹ 13 සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 116ක් දක්වා ඉහළ ගියේය.

Related posts

කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය දෙදෙනෙකුට කොරෝනා

colombotoday

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 47ක්

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 145ක්

colombotoday

මඩකලපුව රෝහලේ සුව සේවකයන් 30කට කොවිඩ්

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා

colombotoday