Colombo Today Local News

තිබුණ දේත් නැතිවෙලා… බලාපොරොත්තු සුන් වෙලා… වෙනසට මුලපිරූ FUTA කළකිරිලා

ජ්‍යෙෂ්ඨ තනතුරට පත්වී වසර 8 ක සේවා කාලයක් ගතකර තීරුබදු සහනය යටතේ වාහනයක් මිලදීගැනීමට සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බලාපොරොත්තුව මෙවර අයවැය මගින් සුන්කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේදී අද (02දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි ලේකම් ඒ.ඩබ්ලිව්. විජේරත්න මහතා ප්‍රකාශ කළේ වෘත්තීය සංගමයක් ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව රජය කොතෙකුත් දැනුවත් කර තිබුණද මෙවර අයවැය මගින් එම සහන ලබානොදීම පිළිබඳව ආචාර්යවරුන් කලකිරීමට පත්ව සිටින බවයි.

දළ ජාතික ආදායමෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්නැයි 2012 වසරේ සිටම තම සංගමය ඉල්ලීම් කළත් මෙම අයවැයෙන් වෙන් කර ඇත්තේ 2.72%ක් බවද එම සංගමය පවසයි.

නව රජය විසින්ද ගිය ආණ්ඩුව ගෙනගිය අධ්‍යාපනයල දුර්වල කිරීමේ වැඩපිලිවෙලම ඉදිරියට ගෙන යන බවද පෙන්වා දෙන එම සංගමය අධ්‍යාපනය වෙනුවෙන් නිසි ගරුත්වය ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද නිවේදනයේ දැක්වෙයි.

 

Related posts

දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

colombotoday

“වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගන්නේ නැහැ”

colombotoday

රිෂාඩ්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව වීඩියෝ කරලා

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday