Colombo Today Local News

සුළි කුණාටුවක් ඇතුළුවීමේ අනතුරු ඇඟවීමක්

මෙරට නැගෙනහිර වෙරළට ලබන බදාදා සවස් කාලයේ දී සුළි කුණාටුවක් ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එහි බලපෑම හේතුවෙන් යළි දැනුම් දෙනතුරු කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසය.

එමෙන්ම දැනට එම ප්‍රෙද්ශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හෙට (01)දිනය වනවිට ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වය අද උදෑසන 5.30 වන විට ත්‍රිකුණාමලය දෙසින් කි.මී 750ක් දුරින් පීඩන අවපාතයක් ලෙස පවතී.

එම පද්ධතිය ඉදිරි පැය 12 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ.

එම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා දිනයේ දී ඇතුළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 – 3ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

Related posts

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

පාර්ලිමේන්තුවේ හූරන්ගේ වැඩ නිසා වන්නියලැත්තෝ ඉන්දියාවේදී ලැජ්ජාවට පත්වුණ හැටි හෙලිකරයි..

colombotoday

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday

මහනුවරින් ආදර්ශයක්… නගරය පුරා පොස්ටර් ඇලවීම සපුරා තහනම්… පොස්ටර් ඇලවීමට වෙනම දැන්වීම් පුවරුවක් !

colombotoday

දේශපාලනික කටයුතු සඳහා පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලයක්

Admin