Colombo Today Local News

මහයියාවට සංචරණ සීමා

මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙක් එම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගත්බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“මහයියාව කියන්නේ අපේ නගරයට සේවා සපයන විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක්. ඒ හා සමානව මීට පෙර බෝගම්බර ප්‍රදේශයත් සංචරණ සීමා පනවලා නිරෝධායන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් ජනතාවට මහනුවර නගර සභා සීමාව තුළ ආසාදිතයින් සමග මුසුවීම වැළැක්වෙනවා.“ යනුවෙන් ද නාගරික කොමසාරිස්වරයා අදහස් පළ කළේය.

Related posts

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday

වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදී කොල්ල කාලා

Admin

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

නවකවදය රතු දේශපාලනයේ බල මෙවළමක් වන්නේ කෙසේද? – ඉසුරු ප්‍රසංග

colombotoday