Colombo Today Local News

කසළ තේ තොගයක් වෙලම්බොඩදී අල්ලයි

වෙලම්බොඩ, ඌරදෙණිය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 4000කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කසළ තේ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී කසළ තේ කිලෝග්‍රෑම් 3,861ක් නිලධාරින් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

සැකකරු වෙලම්බොඩ, අඹගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

අත්අඩංගුවට ගත් සැකකරුට ලබන 11 වනදා ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

පොලිසිය භාරයට ගත් කසළ තේ පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස ගම්පොළ ප්‍රාදේශීය තේ මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර වෙලම්බොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩෙකුට වැරදි බෙහෙත් දීලා.. නැවත කොළඹ ජාතික රෝහලට එවලා..

colombotoday

තම රටේ උතුරු මුහුද දකුණේ ධීවරයන්ට තහනම්.. බලපත්‍ර නිකුත් කිරීම අමාත්‍යාංශය අත්හිටුවයි !

colombotoday

දොඩම්ගස්ලන්ද විහාරස්තනයකටත් වෙඩි තබයි

colombotoday

ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක්

Admin