Colombo Today Local News

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඞ් 19 රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා ලබාදුන් ප්‍රවාහන පහසුකම් නැවැත්වීමෙන් සෞඛ්‍ය සේවාව බරපතල අනතුරක වැටෙනු ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කියයි.

එම ප්‍රවාහන පහසුකම් යලි ලබා නොදුන්නොත් ඇතිවී ඇති දැඩි අපහසුතාවන් නිසා රෝහල්වල උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (03) පැවසීය.

මධ්‍යම රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ගමනා ගමන මණ්ඩල බස්රථ ලබාදී තිබු අතර ඒ සඳහා ප්‍රතිපාදන ගෙවනු ලැබූයේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් බවත් එම බස්රථවල යන සියලු හෙද නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩල ඒ සඳහා ටිකට් පත් ලබා ගැනීම ද සිදු කළ බව රත්නප්‍රිය මහතා කීවේය.

මෙසේ කාර්යමණ්ඩල සඳහා ප්‍රවාහන පහසුකම් නතර කිරීම නිසා ඔවුහු බරපතල අපහසුතාවන්ට පත්වූ බවත් බොහෝ දෙනෙක් විශාල මුදලක් ගෙවා ත්‍රිරෝද රථවල හා වෙනත් පෞද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින් පැමිණ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙවැනි බැරෑරුම් අවස්ථාවක ප්‍රවාහන පහසුකම් ලබා දී සේවයට ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම යැයි ද අමාත්‍යංශය මගහරින්නේ නම් ජනතාවට සෞඛ්‍ය සේවාව ලබා දීම ප්‍රශ්නයක් වනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

‘ඉන්නවනම් කටවහගෙන ඉන්නව.. බැරිනම් යනවා‘ – අගමැති රන්ජන්ට තරවටු කරයි !

colombotoday

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

colombotoday

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි.

colombotoday