Colombo Today Local News

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් උභය මැදවෙල

ubhaya-madawelaමාස කිහිපයක් පුරප්පාඩුව පැවති යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් උභය මැදිවෙල මහතාත්, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාත් පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් එම පත්වීම් සිදුකර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

යුද හමුදාවේ 47 වන මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩුව තිබු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල් උභය මැදිවෙල මහතා පත්කර ඇත්තේ, ඔහුගේ සේවා ජ්‍යෙෂ්ඨත්වය අනුවය.

යුධ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කලක් කටයුතු කල මැදවල මහතා, පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දී බොදු බල සේනා ආදී ආගම්වාදී සංවිධාන විසින් අලූත්ගම දී ඇති කළ ආගමික කලකෝලාහලය මර්දනය කර ප්‍රදේශයේ සාමය ඇති කිරීම සඳහා කැපවූවෙකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයකු ලෙස කටයුතු කරන මේජර් ජනරාල් උභය මැදවෙල මහතා මේදිනවල දිවයිනට පැමිණ සිටියි.

Related posts

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

colombotoday

මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක් – බීජ හා පොහොරත් නොමිලේ

Admin

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin