Colombo Today Local News

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වේ.

ඒ, ලුණුගම්වෙහෙර සහ අහංගම යන ප්‍රදේශ වලින් බව පොලීසිය පවසයි.

පවුල් ආරවුලක් මත ලුණුගම්වෙරෙහ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

එම වෙඩි තැබීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

මේ අතර අහංගම ප්‍රදේශයේදි සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබේ.

අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 40ක මිදිගම ප්‍රදේශයේ පදිංචි අයෙකු මියගොස් ඇත.

ඔහු මීට මාස දෙකකට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණි අයෙකු බවට අනාවරණය වී තිබේ.

විදුලිය විසන්ධි වී තිබු අවස්ථාවක අදාළ අවන්හලට පැමිණි සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩිතැබීම හේතුවෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

Related posts

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

Harcourts කල් ඉකුත්වුණු බෙහෙත් ජාවාරම ඇමති රාජිතගේ අනුහසින් දිගටම

colombotoday

චීන දුම්වැටි එපා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්.

colombotoday

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

colombotoday