Colombo Today Local News

සිලෝන් ටි නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 8000ක් අල්ලයි

සිලෝන් ටි නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු විශේෂ කාර්ය බලකායේ මගින් යක්කලදි අත්අඩංගුවට ගෙන ඇත.

යක්කල පොලිස් වසමේ කොළඹ නුවර මාර්ගයේ බැලුම්මහර හන්දිය අසල දී ඊයේ (17) සවස වැටලීමකදී තෝ කිලෝ 8155 සමග සැකකරුවන් අත්අඩංගුවට ⁣ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ගම්පොල ප්‍රදේශයේ සිට මුතුරාජවෙල ප්‍රදේශය වෙත බලපත්‍ර නොමැතිව අපනයනය සඳහා ප්‍රවාහනය කර තිබු බවද විශේෂ කාර්ය බලකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 28 ක් හා අවු 43 ක් වන ගෙලිඔය ප්‍රදේශයේ පදිංපදිංචිකරුවන් බවත් ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යක්කල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ 2020.06.21 වන දින සිට මේ දක්වා කසල තේ කිලෝ 2,67,000 අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

ලෝක වෙළද ⁣පලේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන අතර Ceylon Tea නාමයට විදේශයන් හී පවතින ඉහළ ඉල්ලුම හා විශ්වාසනීයත්වය පලුදු කිරීම මෙම කසළ තේ අපනයනය නිසා අහිතකර ලෙස බලපෑම් සිදු කරනු ලබන බවද විශේෂ කාර්ය බලකාය කියයි.

Related posts

දුම්රිය වර්ජනයක්?

Admin

මාස දෙකකට පෙර මා කීදේ ඇත්ත වුණා.. මට පොලිස් ඇමතිකම දුන්නානම් මෙහෙම වෙන්නෑ

colombotoday

සියලු පක්ෂවල දේශපාලඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

කොටුව, මල්වත්ත පාරෙන් ලක්ෂ 40 ක හෙරොයින් මතුවෙයි

colombotoday

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday