Colombo Today Local News

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ධීවරයින් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (29)දින පැවැත්වීමට නියමිතය.

ඒ, ධීවර අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය යන ආයනතවල නිලධාරින්ගේ සහභාගිත්යෙනි.

ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු කරුණාරත්න මහත්මිය සඳහන් කළේ භුමිතෙල් මිල ඉහළ යාමෙන් පීඩා විඳින ධීවරයින්ට කඩිනමින් සහනයක් ලබාදීමට පියවර ගන්නා බවයි.

ධීවරයින් සඳහා අවශ්‍ය භූමි තෙල් හා ඩීසල් බෙදා හැරීම මේ වනවිට ක්‍රමවත්ව සිදු කෙරෙන බවද ඇය ප්‍රකාශ කළාය.

මේ අතර භූමිතෙල් සඳහා සහනයක් ඉල්ලා හලාවත ආරම්භ කළ ධීවර විරෝධය තවදුරටත් ක්‍රියාක්මකයි.

Related posts

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

colombotoday

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

colombotoday

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

Admin

“ගව ඝාතන තහනමට එරෙහිව මුසම්මිල්ගේ, කබීර් හෂිර්ම්ගේ උවමනාවට වැඩකරන්නේ මලික් සමරවික්‍රමයි” එජාප ප්‍රකාශකයෙක්

colombotoday