Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන් – GMOA

ඖෂධ ගෙන්වීම සඳහා මාස 09 ත් 11 ත් අතර ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට මාස 3 – 4 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යුනිසෙෆ් නියෝජිතයන්ට පවසා තිබේ.

විනිවිදභාවය වඩාත් සුරක්ෂිත කරමින් රෝගීන්ට හිගයකින් තොරව අඛණ්ඩව ඖෂධ ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

පැවති ඖෂධ හිගය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ද ඉදිරි සති කිහිපය තුළ එහි වඩාත් සාර්ථක බවක් ඇති වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජීවිතාරක්ෂක ඖෂධ 14 ම මේ වන විට රට තුළ පවතින්නේ යැයිද එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 384 න් හිගව පවතින 100 ක පමණ ප්‍රමාණයද ඉතා කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත.

ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් පවතින බවද කෙහෙලිය රඹුක්වැල්ල පවසා තිබේ.

මේ අතර රජයේ මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

Related posts

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියවට භාර දෙයි.

colombotoday

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍යයි. හදිසි නීතිය ඊට උදව් නොවේ – ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ අවධානය ශ්‍රී ලංකාවට

colombotoday

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday