Colombo Today Local News

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – 2022 තරගාවලියේ පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් (F42-44/61-64 කාණ්ඩයේ) රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සහ කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර අද (24)දින යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හමුවිය.

එහිදී ඔවුන් වෙත මූල්‍යමය දිරිගැන්වීම් ප්‍රදානයන් ද සිදුකර ඇත.

එම හමුවේදී යුද හමුදාධිපතිතුමන් විසින් මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් මීළඟ නිලයට උසස් කිරීමට අවශ්‍ය උපදෙස්ද ලබා දී තිබේ.

යුද හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සහ යුද සේවා සහකාර කර්නල් ශ්‍රී රාජපක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්ව සිටියා.

Related posts

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

ජී.එල්. – ඩලස් ඇතුළු පොහොට්ටුවේ 13ක් විපක්‍ෂයට

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday

හරීන්ගේ ටෝච් එක දුරදිග යයි. – කතානායකගෙන් පොලිස්පතිට පැමිණිලි.

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday