Colombo Today Local News

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

අගමැති දිනේෂ් ගුණවර්ධන ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා නව වැඩපිළිවෙලක් පිළිබද අදහස් දක්වා ඇත.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (24)දින පැවති දිසාපති සමුළුවට එක්වෙමින් ය.

පරිපාලනය සහ සංවර්ධනය ඒකාබද්ධ කර ඉදිරි දින 100 තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නංවන ලෙස එහි දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන බවත් එය සාර්ථක කර ගැනීමට ගම් මට්ටමේ සිට ඉහළට
සැලසුම් සකස් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා එහි දී අවධාරණය කර ඇත.

එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට එහි දී දැනුම් දී ඇත්තේ පෞද්ගලික අංශය සහ ජනතාව සහභාගි කර ගනිමින් ආහාර සුරක්ෂිතතා සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් සකස් කරන ලෙස යි.

Related posts

සෞදියේ මරණයට කැප වූ ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමසක්, ඔබත් අත්සන තබන්න

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday

රණවිරු පවුල්වලට කිසිවක් ලැබී නෑ – “ඒකාබද්ධ විපක්‍ෂයේ වැටුප රණවිරුවන්ට” මාධ්‍ය සංදර්ශනයක්ම පමණද?

colombotoday

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම ගැන නිවේදනයක්

Admin

තවත් තරුණියක් අතුරුදන්

Admin

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday