Colombo Today Local News

චක්‍රලේඛයකට අනුව ගුරු – විදුහල්පති සංගම් සේවයට වාර්තා කිරීම ප්‍රතිෂේප කරයි

රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නික්තු කර ඇති චක්‍රලේඛයකට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පතිවරුන්ට සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට දන්වා ඇත.

කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති සංගම් 14 ක් ලිපියකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ඔවුන් පාසල්වලට පැමිණීමෙන් වැලකී සිටින බවය.

ගුරු – විදුල්පතිවරු විසින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව ඇති තත්ත්වයක් යටතේ එම තීරණය ගෙන ඇති බව අදාල ඒකාබද්ධ ලිපියෙන් දැනුම් දී තිබේ

මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාලව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හෙට(02) ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දී ඇති බවට මීට පෙර ලේකම්වරයාට දැනුම් දුන් බව ද එහි සදහන් වේ.

ඒ අනුව, ලේකම්වරයා විසින් නිකුත් කර ඇති සේවයට කැඳවීමේ චක්‍රලේඛයට අනුව ගුරුවරුන් පාසල්වලට නොපැමිණෙන බව වෘත්තීය සංගම් සිය ලිපියෙන් අවධාරණය කරයි.

මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය ද සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ලේකම්වරයාට දන්වා ඇත.

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 22 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

Related posts

කිවුව පිලිවෙතට පැණිය බිවුවනම් කොරෝනා වැලදෙන්නේ නෑ.. – ධම්මික බණ්ඩාර

colombotoday

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

colombotoday

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin

“අපි වෙනුවෙන් අපේ එවුනුත් නැහැ” ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් මහින්ද සළකුණ නිවී යන ලකුණු

colombotoday

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

colombotoday

හිත හොඳ ගෑණු පාර්ලිමේන්තුවට පටිසෝතගාමී වීම – 1 කොටස

colombotoday