Covid 19

උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි

බුස්ස නිපුන කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටි පොලිස් පරික්ෂකවරයකු මියයාමෙන් පසුව සිදුකල මරණ පරික්ෂණයේදි කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් ඇතිවු සංකුලතාවය මත සිදුවු මරණයක් බවට අනාවරණය විය.

මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන පොලිස්ථානයට අනුයුත්තව රාජකාරි කරන 58 හැවිරිදිවියේ පසුවන උප පොලිස් පරික්ෂකවරයෙකි.

දැස්වල ශල්‍යකර්මයකට ලක්ව වෛද්‍ය නිවාඩු ලබා නිවසේ සිට ඇති අතර.කොළඹ නගරයේ සිට මිතුරන් පිරිසක් මොහුගේ සුවදුක් බැලිම සදහා නිවසට පැමිණ ඇති බව හදිසි මරණ පරික්ෂණයේ සාක්ෂි විභාගයේ දි අනාවරණය වි ඇත.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම උප පොලිස් පරික්ෂකවරයා බලපිටිය රෝහලට ගොස් පි.සි.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එහිදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී ඇත.

පසුව මොහු බුස්ස නාවික හමුදාකදවුරේ ඇති කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයට යොමුකොට ඇත. එකි ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මොහු පෙරේදා මියගොස් ඇත.

Related posts

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday

කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 536ක්

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday