Colombo Today Local News

ජනපති , ජැක්සන් බලන්න යයි

ප්‍රවීණ රංගධරයෙකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19)දින උදෑසන කොළඹ ජාතික රෝහල වෙත ගොස් තිබේ.

රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ සමග කතා බහක නිරත වී ඇති තර ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස ඉල්ලා ඇත.

ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වී ඇති බවද සඳහන්.

දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකශ කර තිබේ.

රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා ඇත.

Related posts

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

බම්බලපිටියේ වෙඩිතැබීමේ සිද්ධිය : සුරාබදු නිලධාරීන්ට ඇප

Admin

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

colombotoday

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කළේ, රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙනයි – නීතිපති

colombotoday

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday