Colombo Today Local News

2023 බ්‍රිතාන්‍යයේ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කෙරේ

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.

මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමිවේ.

හාරා හල්ටන් මහත්මිය පවසන්නේ, මීට අමතරව තවත් නිෂ්පාදන 150 කට අධික ප්‍රමාණයක තීරුබදු ඉවත් වීමක් සිදුවන බවයි.

මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයෙන් ඇතැම් සෘතුමය තීරුබදු සරල කර ඇති අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන්ට බ්‍රිතාන්‍යයේ වෙළෙඳපොළට පිවිසීම පහසු කිරීම එහි අරමුණයි.

2023 වසරේ දී බලාත්මක වන මෙම බදු සහන ක්‍රමය බ්‍රිතාන්‍ය හඳුන්වා දී ඇත්තේ, GSP+ බදු සහන ක්‍රමය වෙනුවටයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග GSP+ බදු සහනය යටතේ අපනයනය කළ භාණ්ඩවලට අදාල වරණීය තීරුබදු සහනය රටවල් රැකසට අහිමි විය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ එම සහනය යළි ලබා දීම සඳහායි.

Related posts

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

colombotoday

ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

විදේශ රැකියා අංශයට විශ්වාස බිඳවැටීම: වැඩිවෙයි ආර්ථික අවදානම

Admin