වත්මන් ආණ්ඩුවට එරෙහිව හෙට (18) දිනයේදී කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
අත්අඩංගුවේ පසුවන අරගලකරුවන් නිදහස් කිරීම, ජීවත් වීමට අවශ්‍ය සහන දීම, අඩපණ වී ඇති සරසවි අධ්‍යාපනය යථාවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය සැලසුම් කර ඇත.
මෙම විරෝධතාවය නම් කර ඇත්තේ අයිතීන් වෙනුවෙන් අන්තරේ කොළඹට යන නමිනි.