Colombo Today Local News

ජැක්සන්ගේ මෝටර් රථයේ ගැටුනු අලියා සෙවීම නවතියි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අනතුරට හේතුවූ වන අලියා සෙවීමේ මෙහෙයුම නතර කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පවසයි.

වන අලියා සොයා ගැනීමට වනජීවි නිලධාරීන් පුරා සති ගණනාවක් තිස්සේ දැඩි විමසිල්ලක පසුවුවද සොයා ගැනීමට නොහැකි වුණු බවද ඔහු සඳහන් කරයි.

තවදුරටත් ප්‍රායෝගිකව සොයා බැලීම දුෂ්කර වන හෙයින් එම කටයුතු නතර කළ බවද සූරියබණ්ඩාර මහතා පවසයි.

එම අනතුරෙන් වන අලියාට ලොකු තුවාල ඇති නොවන්නට ඉඩ ඇති බවත් ඌ එම ප්‍රදේශයේ සිට හමු නොවූයේ ඒ නිසා බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

වන අලියා සොයා ගැනීමට අලින් ගමන් කරන මාර්ග සහ ඔවුන් ගැවසෙන ප්‍රදේශ වනජීවී නිලධාරීන් සිය ගණනක් පරීක්ෂා කළ බව සඳහන් කළ හෙතෙම වන අලියා ඈත වනාන්තර ප්‍රදේශයකට යනු හේන් දෙකක සිටි මිනිසුන් දැක ඇතැයි ඔවුන් දැනුම් දී ඇති බවත් සූරියබණ්ඩාර මහතා පවසයි.

වනජීවි නිලධාරින් මෙම අලියා ගැන විස්තර සෙව්වේ එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කළ ඉල්ලීමක් අනුවය.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු පිරිසක් රැගත් මෝටර් රියක් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ හැපී අනතුරට ලක්වීමෙන් ඇන්තනි මහතා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ සිද්ධිය සිදුවූයේ පසුගිය ජුලි මස 3 වෙනිදාය.

Related posts

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වරදී

colombotoday

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

colombotoday

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

colombotoday

රටටම හොරෙන් මංගල සමරවීර කළ මහා පාවාදීම.. ඇමති මහින්ද සමරසිංහ හෙළිකරයි !

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක්

colombotoday