Colombo Today Local News

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

මහනුවර වැව රවුමේ රතු බෝක්කු හන්දිය අසල සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ ඝාතනය වී ඇත්තේ කමනී රණසිංහ (65) නමැති කාන්තාවක බවද පොලිසිය කියයි.

එම කාන්තාව රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කොට විශ්‍රාම ලබා තනිව ජීවත්ව ඇති අතර සුවිසල් නිවස අසල කඩ සාප්පු විශාල ප්‍රමාණයක් කුලියට දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කාන්තාවගේ සැමියා මීට පෙර මියගොස් ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනකු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නම සඳහන් කිරීමට අකමැති සිද්ධිය ඇසින් දුටුවකු පවසා ඇත්තේ, කාන්තාව ජීවත් වූ නිවස තුළින් කළු අඩි පහක් පමණ උසැති පුද්ගලයකු පිහියක්ද අතැතිව නිවස තුළින් එළියට එන බව දුටු බවත් ඔහුගේ අතක් ද කැපී ලේ ගලමින් තිබූ බවයි.

පිහියක් දික් කරමින් එම පුද්ගලයා තමන්ට ද තර්ජනය කළ බැවින් ඔහු අසලට නොගිය බව පවසා ඇති ඔහු පසුව නිවස තුළට ගොස් බලන විට මෙම කාන්තාව බිම වැටී දඟලමින් සිටි බවද සදහන් කර ඇත.

ඉන් මද වේලාවකට පසු ඇය මියගිය බැවින් එය රෝහල්ගත කිරීමට පියවර නොගත් බවත් ඔහු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමට කටයුතු කළ බවද පවසා ඇත.

දේපොළ ප්‍රශ්නයක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට සැක කරන පොලීසිය අදියර කිහිපයක් ඔස්සේ වැඩිදුර පොලිස් විමර්ශනයක් සිදු කෙරේ.

Related posts

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

colombotoday

සහල් ආනයනය වහාම අත්හිටුවන්න ජනපතිගෙන් උපදෙස්

Admin

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක්

colombotoday