නීති විරෝධී ලෙස ඩීසල් ලීටර් 1000 අධික ප්රමාණයක් කුඩා ලොරි රථකින් ප්රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පොලොන්නරුව ජයන්තිපුර ප්රදේශයේ පදිංචිකරුවෝ දෙදෙනෙකි.
සැකකරුවන් විශාල බැරලි පහක ඇසුරු ඉන්ධත තොගය කුඩා ලොරි රථයකින් අනුරාධපුර යාපනයේ හන්දිය සිට පොලොන්නරුව ප්රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව කවරක්කුලම පොලිසිය පවසයි.
සැකකරුවන් ඊයේ දින අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.