ඇමෙරිකානු ඩොලර් 3000 දක්වා මැණික් ඇණවුම් ඔන්ලයින් ක්‍රමවේදයට සිදු කිරිම සඳහා වන ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
එසේම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් එහි දී අය කළ 0.5%ක ගාස්තුව 0.25% අඩු කිරීම ද එම ගැසට් නිවේදනය මඟින් සිදු වේ.